ජයලලිතාගෙන් නැවතත් බාල්දියක්


ශ්‍රී ලංකාව සමඟ සබඳතා පැවැත්වීමේදී ධීවර ගැටලුව ප්‍රධාන කරුණක් බවට පත්කර ගත යුතු බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ප්‍රකාශ කොට ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

මෙරට අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයින් 78දෙනා නිදහස් කරගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත  ලිපියක් යොමු කරමින් ජයයලිතා ජයරාම් මේ බව ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු මාරු වුවද තමිල්නාඩු ධීවරයන්ට දක්වන සැලකිල්ලෙහි කිසිදු ධනාත්මක වෙනසක් සිදුව නොමැති බවද ජයලලිතා ජයරාම් පෙන්වා දේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය සඳහන් කර සිටින්නේ තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම ඔවුන්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නක් බවය.

ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉහළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කඩිනම් දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය බව ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන්ය.