ජයලත්ට හදවත් සැත්කමක්?


ලන්ඩනයේ ගෑට්වික් ගුවන්තොටේ දී සිහිසුන් වූ දොස්තර ජයලත් ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට හදවත් සැත්කමක් කළ යුතු යැයි නැගෙනහිර සරේ රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කරති. පසුගිය 17 වැනි දා ඔහු ඇන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව  මේ තීරණය ගත් බවත් ටුටින්හි ශාන්ත ජෝර්ජ් මධ්‍යස්ථානයේ දී සැත්කම කිරීමට නියමිත බවත් වෛද්‍යවරු පවසති. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න, ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ දිනේෂ් කපුකොටුව මහතා දොස්තර ජයලත් ජයවර්ධන බැලීමට ගිය අය අතර වූහ.