ජයන්තට සිංගප්පූරුවෙන් සම්මානයක්


(නිමල කොඩිතුවක්කු)

නවලෝක හෝල්ඩින්ග්ස් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත සිංගප්පූරු අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් covid -19 Resilience සම්මානය පිරිනමා තිබේ.

කොරෝනා වසංගතය ට එරෙහි සටනේ දී පුද්ගලයින්ගේ කැපවීම නොපසුබට සහය සහ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි.

මෙම සම්මානය එරට අධ්‍යාපන හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය එම්. මලිකි ඔස්මාන් විසින් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.