ජයන්ත විජේසේකර ශ්‍රිලනිපයට


(ඩයනා උදයංගනී)
      
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම  නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රීවරයකු ද වන ජයන්ත විජේසේකර මහතා අද (1) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්විය.

විජේසේකර මහතා ජනාධිපති කාර්යාලයට පැමිණ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී පක්‍ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

ජනාධිපතිවරයා විසින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් සංවිධායකවරයකු ලෙස ද පත්කරනු ලැබ තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාතලේ දිස්ත‍්‍රික් නායකයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා පත්කරනු ලැබ තිබේ.