ජයන්ත ධනපාල ජිනීවා යයි


එක්මත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා සඳුදා (25) ජිනීවා නුවර බලා පිටත් වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමෙන් සිදු කැරෙන යුද අපරාධ පරීක්ෂණ ගැන සාකච්ඡා කිරීමට ජනපති විශේෂ නියෝජිතයා ලෙස මේ ගමන යයි.

ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ සඳහා එම කොමිසම අවසර ඉල්ලූ නමුත් එදා රජය ඊට එරෙහි විය.

මානව හිමිකම් කොමිසමේ 28 වැනි සැසිවාරයට පසුව සිදුවූ ප්‍රගතිය ගැන ධනපාල මහතා කොමසාරිස්ට කරුණු කීමට නියමිතය.

යුද අපරාධ සිදුවී ඇත්නම් ඒ ගැන ශ්‍රී ලංකාවේ නව රජයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව නව විදේශ ඇමැති මංගල සමරවීර මහතා කියයි.