ජමාත් සංවිධානයේ ඉන්දීය ජාතිකයෝ 8 ක් කින්නියාවෙන් අත්අඩංගුවට


අමදෝරු අමරජීව

ආගමික ප්‍රචාරක කටයුතු වලට පැමිණි “තව්හීත් ජමාත් සංවිධානයේ“ යැයි පැවසෙන  ඉන්දිය ජාතිකයන් 8 දෙනෙකු අද  (29)  කින්නියා නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම පිරිස මුතුර්, නෙයිදල්  නගර්, තාරික් විදියේ නිවසක් කුලියට ගෙන රැදී සිට කින්නියා  ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

සැකකරුවන් සතුව කිසිදු අයෙකුට ගුවන් ගමන් බලපත්‍ර  නොතිබුණු අතර ඔවුන්ගෙන්  ප්‍රශ්න කිරිමේදි  ප්‍රකාශ කර ඇත්තේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පිහිටි “මර්කස් ඉස්ලාමීය මධ්‍යස්ථානය“ හරහා ලංකාවට පැමිණි බවත්  තමන් සතු ගුවන් ගමන් බලපත්‍ර එම මධ්‍යස්ථානය සතුව  ඇති බවත්ය.

කින්නියා  පොලිස් ස්ථානාධිපති  පොලිස් පරික්ෂක  කපිල ගාල්ලගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වෙයි.