(ඉන්දිකා රාමනායක)
ජාතික තව්හීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ තවත් සාමාජිකයකු රටින් පලා යාමට උත්සහ කිරීමේ දී ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ලේ පදිංචිකරුවකු වන සෙයින් අන්සාර් මොහොමඩ් නැමැත්තා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සැකකරු නුවරඑළියේ තව්හීත් ජමාත් සංවිධාන පුහුණු කඳවුරේ දේශනවලට සම්බන්ධ වී ඇති පුද්ගලයකු බවත් මොහු සම්බන්ධයෙන් ත‍්‍රස්තාවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් සිටින අතරේ මොහු සිය ගම් ප‍්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම සැකකරු රටින් පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටින බවට ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට ලැබුණ තොරතුරු අනුව එම පොලිස් කණ්ඩායමක් එහි රැක සිට මොහු අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
සැකකරු අත්අඩංගුවට පසුවන අවස්ථාවේ ඔහු ජපානයට යාමට සූදානමින් සිට ඇත.

