ජම්පටා වීදියේත් ඝාතනයක්


කොටහේන, ජම්පටා වීදියේ වෙළඳසළක් ඉදිරිපිටදී පුද්ගලයකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

ත්‍රී රෝද රියකින් පැමිණි සිව්දෙනකු මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇතැයිද මියගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අයකු බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ රීගන් පීටර් නමැති 33 හැවිරිදි අයකු බවත් මිනීමැරුමකට පළිගැනීමට මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

(ඡායාරූප හා වීඩියෝ සනත් ඩෙස්මන්)

DSC02334 DSC02335 DSC02349