තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව සඳහා මන්ත්‍රී ධුර බෙදී ගිය ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු නගරාධිපති ජනක රණවක මහතා ගොනු කළ රිට් පෙත්සම ඉල්ලා අස්කරගන්නා බව අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී.
පෙත්සම්කාර හිටපු නගරාධිපතිවරයා මෙම දැනුම් දීම සිදු කළේ ඒ මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා විසිනි.
මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ , ඇල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
පෙත්සම අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනිමට උපදෙස් ලබා ගත යුතු බවයි.
ඒ අනුව මෙම පෙත්සම සළකා බැලීම ජුලි 04 දිනට කල් තැබිණි.
කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එම මහ නගර සභාව සඳහා තේරී පත්වූ සියළු මන්ත්‍රීවරුන් ඇතුළු 50 දෙනෙකු නම් කර ඇත.