ජපුර උපවාසයේ හතරවැනි දිනය අදයි


ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත්කරන්නැයි ඉල්ලමින් ඇරඹි සත්‍යග්‍රහය අද සිව්වැනි දිනටත් පැවැත්වේ. මේ වන විට ආරක්ෂක අංශයේ 200 ක පමණ පිරිසක් විශ්වවිද්‍යාලය වටකර රැඳී සිටින්නේ යැයි ද, මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට දුරකතන ඇමතුම් පවා ලබා දීමට නොහැකිලෙස කැළඹිලි සහගත තත්ත්වයක් ඇතැයි ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවැසීය. ආරක්ෂක අංශ කියනුයේ විශ්ව විද්‍යාල දේපල ආරක්ෂා කිරීමේ අරමුණින් රැඳී සිටින බවයි.