ජපුර උපවාසයේ දෙවැනි දිනය අදයි
ජයවර්ධනපුර සරසවියේ උප කුලපති මහාචාර්ය එන්.එල් කරුණාරත්න මහතා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සිසුන් පිරිසක් ඇරැඹූ සත්‍යග්‍රහය අද දෙවැනි දිනටත් පැවැත්වේ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවැසුවේ ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් පහරදීම නිසා සිසුන් දෙදෙනෙකු කලුබෝවිල රෝහලට ඇතුලත් කළ බවයි.
විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු පැවසුවේ දේශපාලන අරමුණක් ඇති ශිෂ්‍ය සංගමයක් සරසවි සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මේ විරෝධතාවය පවත්වන බවයි.

