ජපානයේ ස්වාභාවික අපදාවලින් 60 ක් මරුට



ජපානයේ බටහිර ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 60දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
 
හිරෝශිමා ඇතුළු තවත් බොහෝ පළාත්වලට ඇතිවූ දැඩි වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ. කාළගුණ බලධාරීන් පවසන්නේ බලාපොරොත්තු නොවූ තරම් වර්ෂාවක් ඇද වැටුණු බවයි.

මිලියන දෙකක පමණ පිරිසක් ඉවත් කරනු ලැබ ඇති අතර කොටුවී සිටින පිරිස් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් යොදවා ඇතැයි පැවසේ. 
වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිරෝෂිමා ප්‍රාන්තයෙනි. එහි මිලිමීටර් 593ක තරම් තද වැසි වාර්තා වී ඇත. 

ඉදිරි දින කිහිපයේද දැඩි වර්ෂාපතනයක් ලැබියහැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

 

(බීබීසී ඇසුරිණි - 085)