( තිළිණි ද සිල්වා )
නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධන කර ගැනීමට තාරෝ කොනෝ මහතා සිය සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයිද එම අමාත්‍යාංශය පවසයි.
ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසුව වීම ද විශේෂත්වයකි.
ජපානය සහ ශ්‍රී ලංකාව ඉතා සමීප දේශපාලන, ආර්ථික , වෙළඳ සහ ආයෝජන සබඳතා පවත්වන අතර ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන සහකරුවෙකු ලෙස සැලකෙයි.

