( දිසානායක ජපානයේ සිට ) - ජපානයේ ශ‍්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථානයේ වෙසක් උත්සවය ආගමිකල සංස්කෘතික අංග ගණනාවකින් සමන්විතව ලබන 18 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතය. විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ අනුසාසනා පරිදි මෙය පැවැත්වේ.
විශේෂ අටවිසි බුද්ධ පුජාව, ශිල සමාදානය, සඟ සතු මහා දානය ,බෝධි පුජාව දේවාශිර්වාද ලබාදීම සහ මහා දේව දානක්ද දහම් පාසල් සිසුන් ගේ නැටුම් සංදර්ශනය සහිත මල් පෙරහරක්ද විශේෂාංග අතර වෙයි.
විහාරවාසී භික්ෂූන් වහන්සේලාට සහ සිල්ගත් පිරිසට දානය නලීන් පෙරේරා සහ සිල්වා යන මහත්වරුන් ගේ අනුග‍්‍රහයෙන් සිදුකිරීමට නියමිතය.

