ජපන් කතක අතගෑවාට හිරදඬුවම්
කොළඹ යුනියන් පෙදෙසේ බසයක දී ජපන් කතකගේ ඇඟපත අතගෑ බව වරද පිළිගත් නාරම්මල අබ්දුල් අමනුල්ලාට බරපතළ වැඩ සහිත අට මාසයක සිර දඬුවමක් රුපියල් 1500ක දඩයක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සිරදඬුවම සත් වසරකට අත්හිටැවූවාය. මත්පැන් බී සිටිය දී එම වරද කළ බවද කියැවිණි.

