ජපානයේ ගිපු නගරයේ මසාහිකෝ මහතා මේ දිනවල අම්පාර නගරයේ කුලී නිවසක තම බිරිඳ සමඟ වාසය කරයි. ඇය අම්පාර අධ්‍යාපන කලාපයේ ගණිත උපදේශකවරියකි.
මාසයක නිවාඩුවක් සඳහා මසාහිකෝ මහතා අම්පාර නගරයට පැමිණ සිටි. සිය බිරිඳ සේවයට ගිය පසු මසාහිකෝ මහතා පාපැදියෙන් අම්පාර නගරයේ සැරිසරයි.
නගරයේ වඩාත් පි‍්‍රයතම ස්ථානය අම්පාර වැව අසල උද්‍යානය බව ඔහු කියයි. එහි යන එන්නන් උයන අපිරිසිදු කර තිබෙන ආකාරය පටු මසාහිකෝ දිපතාම උදැසන එහිදී බීර ටින් හිස් බෝතල් ප්ලාස්ටික් බෝතල් ඉවත් කරයි.
අම්පාර නගරය හරිම ලස්සනයි. මේ වැව ළඟ හරිම සුන්දරයි මම මෙම ස්ථානයට හරිම කැමැතියි. නමුත් සමහර අය හැමදාම මේ ස්ථානය අපිරිසිදු කරනවා. එහෙම කළාම පරිසරයට හානි වෙනවා ඒ නිසා මම මේ ස්ථානයට එන අයගෙන් ඉල්ලා සිටිනවා. තමන් ඉවතලන දේවල් මේ ස්ථානයේ තිබෙන කුණු දාන්න තිබෙන භාජනවලට දාන්න කියලා.


![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/711.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/518.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/417.jpg)
