ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කරනවා


(රංජන් කස්තුරි)
 
ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

 
ෆේස්බුක් හිමිකරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගන්නා බවද දේශප්‍රිය මහතා පැවැසීය.