ජනාධිපතිවරණයට-මහ මැතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමේ තීරණයක්


(අංජුල මහික වීරරත්න)


ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය නැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනතුව නියෝජනය කරන පක්ෂ නායකයින් අතර අද (26) පැවැති සාකච්ජාවකදී තීරණය විය.


පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්විණි.


ශ්‍රී ලංකාවේ පළාත් සභා 09 කින් පළාත් සභා 07ක මැතිවරණය එකවර පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සකච්ඡාවේදී තීරණය විය.


උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා 03 හි නිළ කාලය අවසන්ව ඇති අතර මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභාවන්හි නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වේ.


දකුණු පළාත් සභාවේද නිල කාලය ලබන වසර මුල දී අවසන් වීම හේතුවෙන් පළාත් සභා 07 ක මැතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමුව පවතින බවද වාර්තාවේ. 


මීට පැවැත්වු ඡන්ද අනුව බස්නාහිර හා ඌව යන පළාත් සභා දෙකේ පමණක් නිල කාලය අවසන් වීමට ලබන වසරේ තවත් මාස කීපයක් ඉතිරිව පවතියි.