(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ලබන 8 වැනිදා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් 10 වැනිදා (බ්‍රහස්පතින්දා) එක්දින විවාදයක් පැවැත්වීමට ඊයේ (3) උදේ රැස්වුණු පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.
විවාදය පෙරවරු 10.30ට ආරම්භ වී පස්වරු 6.30 දක්වා පැය 8ක් පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් දෙන්නැයි පාර්ලිමේන්තු පක්‍ෂ නායකයන්ගේ රැස්වීමේ දී ඉල්ලීම කර ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාය.
පාර්ලිමේන්තු පක්‍ෂ නායකයන්ගේ රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු
සංකීර්ණයේදී පැවැත්විණ.