(රංජන් කස්තුරි)
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ නිලකාලය තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ.
2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කර වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ නිල කාලය මේ මස 20 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව එම ජනාධිපති කොමිසන් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මස 20 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

