සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයාගේ නියෝගයට පිටින් පිටස්තර පුද්ගලයන් 3න් දෙනෙකු විදේශ සංචාරයකට පිටත් කර යවා ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (06) පිළිගත්තාය.
රාජ්‍ය ඇමතිවරිය මේ බව පිළිගත්තේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මේ පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු බලා දෙමිනි.
ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මෙසේද පැවසුවාය.
‘‘විදේශ අධ්‍යාපන චාරිකාවට යවනවා නම් පළාත් සභාවේ මහජන නියෝජිතයින් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් පමණක් යොදා ගන්නැයි ජනාධිපතිතුමා නියෝග කරලා තිබුණා.
නමුත් මහ ඇමතිතුමා ආණ්ඩුකාරවරයාගේ අවසරය අරගෙන බාහිර පුද්ගලයින් සිවු දෙනෙකු අරගෙන ගොස් තිබෙනවා.
ජනාධිපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක වෙන්ව ඕන. නමුත් ඒක වෙලා නැති බව පිළිගන්නවා.‘‘