නාලක සංජීව දහනායක
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාලව දුෂණ වංචා හා අක‍්‍රමිකතා සොයාබැලීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
ඒ අනුව 011-2034159 දුරකතන අංකයට හා 011-2879976 යන ෆැක්ස් අංකයට මෙම ව්‍යාපෘතියේදී සිදුවූ දුෂණ වංචා හා අක‍්‍රමිකතා පිළිබඳ තොරතරු සාක්‍ෂි සහිතව ඉදිරිපත් කළ හැක. එමෙන්ම අධ්‍යක්‍ෂ විමර්ශන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, සොබදම් පියස, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ලිඛිතව පැමිණිලි කළ හැකිය.
පසුගිය මස 23 වැනිදා කළු ගඟ ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යයේදී මෙම විශේෂ ඒකකය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.
රුපියල් කෝටි 23,000ක වියදමින් ක‍්‍රියාත්මක වන මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු කිසිඳු දුෂණ වංචා හා අක‍්‍රමිකතාවයකින් තොරව විධිමත්ව හා කාර්යක්ෂමව සිදුකිරීම රජය අපේක්ෂා කරයි.

