ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාටත් දැව සංස්ථා සභාපතිටත් ළඟදීම නඩු


(සුජිත් හේවාජුලිගේ)
රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට විරුද්ධව ළඟදීම නඩු පවරන බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා ලංකාදීපය ට පැවැසීය.
 
සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ විශේෂ විමර්ශණ කණ්ඩායමක් තවදුරටත් විමර්ශන පවත්වන බව කී ගුරුගේ මහතා අල්ලස් ගැනීම තහවුරු කිරීමට තවදුරටත් සාක්ෂි සහ තොරතුරු රැසක් කොමිසම සතුව පවතින බවද ප්‍රකාශ කළේය.
 
අල්ලස් ගැනීමේ සිද්ධියට අදාළව කෙරුණු සංවාද ඇතුළත් හඬපට කිහිපයක්ද මේ දිනවල විශේෂ පරීක්ෂාවකට ලක්කෙරෙන බවත්, මෙම සිද්ධියට තවත් අය සම්බන්ධ දැයි කරුණු සොයා බලාගෙන යන බවත් කොමිසම පවසයි.