වෙරෝනා නුවර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් තිදෙනකුගේ ලොරි හයක් ගිනි තබා ඇතැයි බැංකු කළමණාකරුවකු වන සුචින්ත ප්‍රනාන්දු මහතා පවසයි.
සුගත් අප්පුහාමි මහතාට අයත් ලොරි දෙකක් ද තුෂාර පෙරේරාට අයත් ලොරි තුනක් ද ඒ අතර වෙයි.
තමාගේ ලොරි දෙකකටත් වෙනත් ස්ථානයක නවතා තැබූ සුගත් අප්පුහාමි මහතාට අයත් ලොරි දෙකකටත් කවුරුන් හෝ ගිනි තබා ඇති බවත් සුගත් අප්පුහාමි මහතාගේ ලොරි දෙක සම්පුර්ණයෙන්ම දැවී විනාශ වී ඇති බවත් එයට අමතරව තම මිතුරාට අයත් එම ස්ථානයේ නවතා තැබූ අනෙක් ලොරියක් ද වනසා ඇතැයි ප්‍රනාන්දු මහතා කියයි.
හදුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකුගේ රූප රාමු ආරක්‍ෂිත වීඩියෝ කමරාවන්ගේ සටහන්ව ඇති බවත් පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති බව ද එක් ලොරියක වටිනාකම යුරෝ 12000 (රුපියල් 2196000) සිට යුරෝ 450000 (රුපියල් 82350000 ) ක් අතර වන බව ප්‍රනාන්දු මහතා එසැණට පවසයි.
වෙරෝනා නුවර සිට මල්පෙන්සා හා වැනිස් ගුවන්තොටුපළ දක්වා ගමන් කර ඇතැයි ශ්‍රී ලාංකික කුලී රථ රියැදුරන් අතරද ඉරිසියාව හා වෛරය නිසා ගැටලුකාරී තත්වයක් හටගෙන ඇතැයි කුලී රථ හිමිකරකු වන කුවින්ටස් තිසේරා මහතා කියයි.
මගීන් ප්‍රවාහනය සදහා අවසර ලත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු පමණක් වෙරෝනා නුවර සිටියත් තමා වැනි අවසර නොළත් තවත් විශාල පිරිසක් කියක් හෝ සොයා ගැනීම සදහා මෙම වෘත්තියට පිවිසියත් අවසර ලත් අපේ ඇතැමුන්ගේ පවා දීම නිසා එදා වේල සොයා ගැනීමටවත් නොහැකි තත්වයක් උදාව ඇතැයි කුවින්ටස් මහතා පවසයි.
‘පසුගිය සතියේ මා අපේ පිරිසක් සමග මල්පෙන්සා හයර් එකක් ගියා. පොලිසියෙන් මා ඇල්ලුවා. අපේ කෙනෙක්ම තමයි ඔත්තුව දුන්නේ කියලා පොලිසිය මට කිව්වා.තව වාහන නොම්මර රැසක් පොලිසියට දීලා. ‘

