ජනවාරියේ සිට ද්විත්ව පුරවැසිකම


තාවකාලිකව නතරකර ඇති ද්විත්ව පුරවැසිභාවය  ලබන වසරේ ජනවාරි මාසයේ පටන් නව නීතිමය පද්ධතියක් යටතේ නැවත ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ ජනපති  උතුරු ඉතාලියේදී කීවේය.

ඉතාලියේ මිලානෝ නගරයට ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු වශයෙන් ප්‍රථම වතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  උතුරු ඉතාලියේ ශ්‍රී ලාංකික ජනතාව ඇමතීය.

ද්විත්ව පුරවැසිකම අත්හිටවුයේ මීට වසර දෙකකට කලිනි.

එසේම ශ්‍රී ලාංකික බැංකුවක් ඉතාලියේ ස්ථාපිතකරණ බවත් , මිලානෝ නගරයට කොන්සල් කාර්යාලයක්ද ලබා දෙන බව ජනපති කීවේය.

දැනට  ඉතාලියේ සේවය කර විශ්‍රාමලබා ඇති ශ්‍රී ලාංකිකයකුට  තම විශ්‍රාම වැටුප  ලංකාවට ගෙන්වා ගැනිමට  ඉතාලි රජයත් සමග සාකච්ඡා කර නීතිරීති සම්පාදනය කිරිමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයාට උපදෙස් දුන් බවද පැවසීය.

පිටරටක සේවය කරන කෙනකු ලංකාවට වාහනයක් ගෙන්වා ගැනිම සම්බන්ධයෙන් ලාංකිකයෙක් ප්‍රශ්නයක් ඇසුවාය ,මහින්ද චින්තනයේ අනූනව වැනි පිටුවේ ඇති පරිදි  ශ්‍රීලංකාවට නීත්‍යනුකූලව මුදල් එවන ප්‍රමාණය අනුව වාහන ගෙන්වා ගැනීමේ බලපත් ලබාදෙන බව ජනපති කීවේය.

මිලානෝ සහ ඒ අවට නගරවල ශ්‍රී ලාංකිකයන් එහි වුහ. නරඹන්නන් 1200 පමණ අසුන් ගතහැකි ශාලාව සම්පූර්ණයෙන්ම පිරීතිබිණු අතර තවත් විශාල ජනතාවකට ශාලාවට ඇතුළු වීමට නොහැකි විය