ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (ජනවසම) යටතේ පාලනය වන වතු 18ක සේවකයන්ට අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර කාර අරමුදල් නොගෙවීයැයි එහි සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහි නඩුවලින් මේ වන විට වරෙන්තු 72ක් පමණ ලැබී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 110කි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති සෙනරත් රැකෝගම මහතා කියනුයේ හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය යටතේ රුපියල් කෝටි 35ක් ලැබුණු බවයි. ඉතිරි මුදල ද ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු කීවේය.

