ජනවරමට ගරුකරන්නැයි ඉල්ලා ජවිපෙන් උද්ඝෝෂණ


ජනවරමට පිටුපා රජය ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙළට විරෝධය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන උද්ඝෝෂණ මාලාවක් ජූනි 18 වැනිදා කොළඹ නගරයෙන් ආරම්භ කරන බව එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියයි.

අතුරු අයවැයෙන් පොරොන්දුවූ සහන ජනතාවට නොදීම, තොරතුරු දැන ගැනීම වැනි පනත් කෙරෙහි ආණ්ඩුව දක්වන අඩු සැලකිල්ල ආදී කරුණුවලට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අරඹන බවද මන්ත්‍රීවරයා කීවේය.

බ්‍රහස්පතින්දා පුංචි බොරැල්ලේ සිට පාගමනකින් ටෙක්නිකල් හන්දියට පැමිණ පිටකොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවන බවත් දිවයිනේ ප්‍රධාන නගරවල ඉදිරි දිනවලදී එවැනි උද්ඝෝෂණ රැසක් පවත්වන බවත් ඒ මහතා පැවසීය.