ජනරාල් ජානක පෙරේරා ඝාතන නඩුවේ විත්තිකරු යළි රිමාන්ඩ්


(උපාලි ආනන්ද)
 
රුසියාවේ හිටපු තානාපති හා උතුරුමැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනෙක්ට තුවාල සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රධාන විත්තිකරු උමාර් හබිතාබි නොවැම්බර් 2 වැනි දා යළි දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ පළාත් බද මහාධිකරණ විනිසුරු හා අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
 
එදිනට සාක්කි විමසීම  පැවැත්වීමට මහේස්ත්‍රාත්වරිය නියම කැරිණි.