ජනමාධ්‍යවේදීන්ට කෙරෙන තර්ජන ගැන පාර්ලිමේන්තු විවාදයක්


(සුජිත් හේවාජුලිගේ)
 
ජනමාධ්‍යවේදීන්ට කෙරෙන බව කියන තර්ජන පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 9 වැනිදා පැවැත්වේ.විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයයි.

 
සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙය පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.ජනමාධ්‍යවේදීන්ට තර්ජන කිරීමේ සිද්ධි පහළොවක් පමණ පසුපස කාලයේ වාර්තාවේ ඇති හෙයින් එය බරපතළ තත්ත්වයක් ලෙස සලකා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.