ජනබල මෙහෙයුමට යමින් තිබු බස් රියකට ප්‍රහාරයක්


(ඩී.කේ.රත්න)
 
හාලිඇල බෝගහමඩිත්ත ප‍්‍රදේශයේ දී කොළඹ පැවත්වෙන ජනබල මෙහෙයුමට යමින් තිබූ පෞද්ගලික බස් රථයකට අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (5) උදැසන පොලූ මුගුරුවලින් පහරදී ඇතැයි පොලීසිය පවසයි.


කැබ් රථයකින් පැමිණි පස් දෙනකුගෙන් යුත් මැර පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර තිබේ.


හාලිඇල ආසනයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිනියක විසින් මෙම බස් රථය කොළඹ ජනබල මෙහෙයුමට යාම සඳහා මුදල් ගෙවා වෙන්කර ගෙන තිබූ අතර හාලිඇල බෝගහමඩිත්ත ප‍්‍රදේශයේදී බස් රථයට පහරදී ඇත.


මෙම පහරදීමෙන් පසු එම අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් දස දෙනෙකු පමණ කොළඹ ජනබල මෙහෙයුමට යමින් තිබූ වෙනත් බස්රථයකට නංවා කොළඹ යවා තිබේ.