ජනපතිවරණය සැප්තැම්බර් 21


(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ පවත්වන දින සම්බන්ධ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ නිකුත් කෙරිණ.