
(රංජන් කස්තුරි)
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ ව්‍යවස්ථාපිත කරුණු ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද (25 ) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පැවැති අතර එහිදී ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාමාජිකයන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු බවද අභ්‍යන්තර ආරංචි මා ර් ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවට කොමිසම සාමාජිකයන් පිරිසක් තීරණය කර තිබූ අතර තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ එය සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවටය.
කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු විශේෂ රැස්වීමට සහභාගී නොවූ අතර ඔහු විදේශ රටක සිට දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබිණ.

