නිමල කොඩිතුවක්කු
ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 97 000ක් වුවද නිල නිවාස, නිල වාහන, ඉන්ධන ඇතුලූ දීමනා සියල්ලක්ම ලැබෙන බවත් මන්ත්‍රීවරුන්ට මේ සියල්ලක්ම ලැබෙන්නේ නැති බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද(06) පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීම කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිතුමා පැවසුවද එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් යෝජනාවක් නොමැතිව අනුමත නොකර සිටීමට දෙයකුත් නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
‘‘ මේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවිම පිළිබඳව කැබිනට් මන්ඩලයේදි අනුමත වෙන්න දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. එහෙම යෝජනාවක් ආවොත් තමයි අනුමත වෙන්න නොදී ඉන්න ඕනෑ. එහෙම යෝජනාවක් නැත්නම් අනුමත නොකරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා එවැනි තීරණයක ඉඳම පිළිබඳවත් අපි සතුටු වෙනවා.
දැන් ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 97 000යි. හැබැයි නිල නිවාස, නිල වාහන, ඉන්ධන ඇතුලූ දීමනා සියල්ලක්ම ලැබෙනවා. මන්ත්‍රීවරුන්ට මේ සියල්ලක්ම නැහැ.
උදාහරණයක් විදියට පිබිදෙමු පොළොන්නරුව වැඩසටහනට මම ගියා. මම යනවිට යන්න ඕනෑ මගේ පෞද්ගලික වාහනේ මගේ වාහනේට තෙල් ගහන්න ඕනෑ මම. මගෙත් එක්ක යන අයට නවාතැන් සපයා ගන්න ඕනෑ මම. ආහාර පාන සපයලා දෙන්න ඕනෑ මම. එහෙම ගැටලූත් තියෙනවා.
බදු බර වැඩිවෙලා තියෙනවා, ණය බර වැඩවෙලා තියෙනවා, ජීවන වියදම ඉහල ගිහින් තියෙනවා. ඒ නිසා ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දි දේශපාළඥයන් පටි තදකරගෙන කොහොම හරි ඒකට මුහුන දෙන්න ඕනෑ. ඒ ආදර්ශය අපි ලබා දෙන්න ඕනෑ.‘