ජනපතිට පෞද්ගලික වෛද්‍යවරයෙක් නෑ
මහින්ද රාජපක්ෂ ජනපතිට කිසිම පෞද්ගලික වෛද්‍යවරයකු නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය. එජාපයේ දයාසිරි ජයසේකර මහතා ඊළගට ඇසුවේ එලියන්ත වයිට් කවුද යන්නය. ඔහු පෞද්ගලික වෛද්‍යවරයකු නොවන බව ඇමැති පිළිතුරු දුන්නේය. ජනපතිට පෞද්ගලික වෛද්‍යවරුන් දහසක් වුවත් සිටිය හැකියයි කතානායක චමල් රාජපක්ෂ මහතා කීවේය.

