(දසුන් රාජපක්ෂ)
ආරක්ෂක ලේකම් ධූරය දැරූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බොරු සාක්ෂි ලබා දෙන ලෙස රහස් පොලිසිය බලපෑම් කළ බව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක කර්නල් ශම්මි කුමාර මහතා සාක්ෂි ලබාදෙමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (04) පැවසීය.
තමාට මෙලෙස බලපෑම් කළේ රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා බව කර්නල් ශම්මි කුමාර මහතා සඳහන් කළේය.
කර්නල් ශම්මි කුමාර මහතා එලෙස සාක්ෂි ලබා දුන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව බොරු සාක්ෂි මත තමා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර ඔහු ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළවය.
එහිදී සාක්ෂි දුන් ශම්මි කුමාර මහතා බොරු සාක්ෂි ලබා නොදීම හේතුවෙන් මාස තුනක කාලයක් තමා රහස් පොලිසිය භාරයේ රඳවා තබාගෙන සිටි බවද පැවසීය.

