(බිඟුන් මේනක ගමගේ)
ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි අගමැතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකි යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය සිදුකිරීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි කී හෙතෙම අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා නොවන අවස්ථාවක එසේ ඉවත්කිරීමක් දැන් සිදු කළ නොහැකි යැයි ද අවධාරණය කර කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තියේ මේ බව පැහැදිලිව සඳහන් වන්නේ යැයි ද ආචාර්ය මහානාමහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.