ජනපතිට - අගමැතිට යළිත් සිතාසි


(මනෝප්‍රිය ගුණසේකර)

පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රම සිංහ මහතා අතර එකඟතාවයක් ඇති බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරණයට බලපෑ හැකි ආකාරයේ ප්‍රකාශ  නිකුත් කළ බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි දීමට අධිකරණයේ පෙනීසිටන ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යළිත් වරක් සිතාසි නිකුත් කළේය.
 
ලබන ජූලි මස 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  දැනුම් දෙමින් මෙලෙස සිතාසි නිකුත් කළේ මීට පෙර නිකුත් කළ සිතාසි වලට අනුව ජනාධිපති හෝ අගමැති අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.                            -