ඩයනා උදයංගනී
රටේ ආර්ථීකය සංවර්ධනය කිරීමේ අවංක උවමනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති නමුත් අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එයට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
මෙරටින් බිහිවූ ප්‍රවීණ ආර්ථීක විශෙෂඥයෙකු වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ද ගෙන්වා ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථීක කවුන්සිලයට මුදල් අමාත්‍යාංශය කිසිම සහයෝගයක් ලබානොදෙන බව එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.
එස්.බී දිසානායක මහතා මේ බව පැවසුවේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පුංචි බොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
රටේ ආර්ථීක දියුණුව වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ආර්ථීක කළමනාකරණ කමිටුව අහෝසි කර ආර්ථීක කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූයේ දිගින් දිගටම රටේ ආර්ථීකට පිරිහීම හේතුවෙන් බව ද දිසානායක මහතා කීවේය.
ආර්ථීක කළමනාකරණ කමිටුව යටතේ ආර්ථීකය දිගින් දිගටම කඩාවැටීම හේතුවෙන් ජනාධිපතිවරයා එය අහෝසි කළ යුතු බව කී මන්ත්‍රීවරයා ඉන්පසු ආරම්භ කළ ආර්ථීක කවුන්සිලය යටතේ ලලිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථීක කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කළ බව ද ප්‍රකාශ කළේය.
එම වැඩපිළිවෙල අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය කියවා ඇති නිසා කාලය නාස්ති කළ නොහැකි බව කියමින් අග්‍රාමාත්‍යවරයා හා මුදල් ඇමතිවරයා එතැනින් බැහැරව ගිය බව ද සඳහන් කළේය.
මහාචාර්ය ලලිත් මහතාට තවමත් මුදල් අමාත්‍යාංශයෙන් සහයෝගයක් හිමිනොවන බව කී එස්.බී දිසානායක මහතා දිගින් දිගටම කෙනෙහිලිකම් කරන බව ද කීවේය.