
(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළද ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් වන වගන්ති වෙනස් නොවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කටත් ඔහුට ධූරය දැරිය හැකි වාර ගණන දෙකකටත් 19 වන සංශෝධයන් සීමා කර තිබිණි.
මේ අතර පාර්ලිමේන්තුවේ නිල කාලයද වසර 5 කට සීමා කෙරිණි.
තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකාමක් ලෙස 19 වැනි සංශෝධනයෙන් පිළිගත් අතර එයද වෙනස් නොවන බව ඔහු කීවේය.
17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දෙනු ලැබූ ස්වාධීන කොමිසන් සභාවලට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්ද ජාතික විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම හඳුන්වා දෙනු ලැබූ අතර එම කොමිසන් සභාද තවදුරටත් පවතින බව හෙතෙම සඳහන් කළේය.
20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් අනිද්දා (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත.
අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් පත් කර ඇති ඇමැති අනුකමිටුවට යොමු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
මහාචාර්ය ජී.එල් පීරිස් , නිමල් සිරිපාල ද සිල්වා , දිනේෂ් ගුණවර්ධන , ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරු එම කමිටුවට ඇතුළත් වෙති.

