ජනපතිගේ කතාවට ප්‍රතිචාර දක්වන්න එපා යයි අගමැතිගෙන් එජාප නායකයන්ට නියෝගයක්


( අංජුල මහික වීරරත්න)


මාඳුළුවේ  සෝභිත නාහිමියන්ගේ  75 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  කළ අදහස් දැක්වීමවලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර පළ නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  එක්සත් ජාතික පක්ෂ නායකයින්ට  අද (31) නියෝග කළේය. 
 
එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයින් කළ යුත්තේ ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්වීම නොව ජනතා ප්‍රතිචාර අනුව වැඩ කිරීම යැයිද අග්‍රාමාත්‍යවරයා  දුන් නියෝගයේ දැක්වේ.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  නියෝග කරනු ලැබුයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී  එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ  නායකයින් හමු වු අවස්ථාවේදීය.

 

 මාඳුළුවාවේ සෝභිත නාහිමි ගුණ සමරුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා  පළ කළ කරුණු සම්බන්ධයෙන් රටට කරුණු කිව යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩලයේදී තරුණ දේශපාලනඥයින්  ප්‍රබල ඉල්ලීමක් අගමැතිවරයාට  යොමුකර තිබේ.


එක්සත් ජාතික පක්ෂ තරුණ දේශපාලනඥයින් කළ ඉල්ලීම්වලට සාවදානව සවන් දුන් අගමැතිවරයා  පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු දීමට එජාපයේ කිසිවකු  උත්සාහ නොකළ යුතු බවයි.