ජනපතිගේ අයවැය කතාව අද සවස 1.30ට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලබන වසර (2026) සඳහා වන රජයේ අයවැය ලේඛනය( විසර්ජන පනත් කෙටුම්පත) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට අද (7) පස්වරු 1.30ට ඉදිරිපත් කෙරේ.

මෙය ජාතික ජන බලවේග රජයේ දෙවෙනි අයවැය ලේඛනයයි.

රජයේ පළමු අයවැය ලේඛනය පසුගිය පෙබරවාරි මස 17 වැනිදා ඉදිරිපත් කෙරිණ.

එසේම මෙය මේ රටේ 80වැනි අයවැය ලේඛනය බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

විසර්ජන පනත් ගැටුම්පත ජනාධිපතිවරයා අද(7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අයවැය විවාදය දෙසැම්බර් 5 දක්වා පැවැත්වේ.

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට (8) සිට 14 වැනිදා දක්වා පුරා දින හයක් පැවැත්වීමට නියමිතය.

අයවැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මෙම මස 15 සිට ලබන මස 5 වැනිදා දක්වා දින 14ක් පුරා පැවැත්වේ.