ජනපති හෙලිකොප්ටරේ හදිසියේ වරකපොළට


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගනිමින් සිටි ගුවන් හමුදා හෙළිකොප්ටරය අයහපත් කාලගුණය නිසා අද හවස 05.15ට පමණ හදිසියේ වරකාපොළ මහජන ක්‍රීඩාංගනයට ගොඩ බැස්සේය.

ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් බිමට බසින විට ධාරානිපාත වර්ෂාවක් ඇස ඇලුණේය.

ආරක්ෂ අංශ ජනාධිපති මෝටර් රථයකින් කැඳවාගෙන යනු ලැබීය.

ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරයක් ක්‍රීඩා පිටියට බස්සවා ඇති බව ආරංචි වූ සිය ගණනක් ජනතාව මහ වැසි නොතකා එම ස්ථානයට රොක්වූ අතර ජනාධිපති එම පිරිසට ආචාර කළේය.