ජනපති හමුවෙන්න විමල් යයි


(නාලක සංජීව දහනායක)
 
බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (11) පැවසීය.

එමෙන්ම ලැබුණු ජනවරම අනුව මේ සම්බන්ධයෙන් සියළුම දේශපාලන පක්‍ෂ සම`ග නව කථිකාවතක් අරඹන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඔහු කීවේය.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර , වීරකුමාර දිසානායක, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ඡායාරූප  ජනාධිපති මාධ්‍ය අංශය

 

(ඡායාරූප ශාන්ත රත්නායක)