බිඟුන් මේනක ගමගේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (18) සවස පැවැත්වීමට නියමිත විශේෂ හමුවට තමාට සහභාගීවීමට නොහැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් දැනුම් දුන් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
කලින් යොදා ගත් රැස්වීමක් තිබෙන බැවින් මෙම අවස්ථාවට සහභාගීවීමට නොහැකි හේතුව හැටියට දක්වා ඇති බව ද ලක්තිලක මහතා කීවේය.
මෙම හමුවට කතානායක කරූ ජයසූරිය මහතාද සහභාගි වීමට නියමිතය.