ජනපති සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයට


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා ලක්ෂයකට අධික පිරිස් සහභාගී වෙති.

පල්ලිය හා අවට පරිශ්‍රයේ රැස් වන ජලය වෙල දක්වා ගෙන යාමට කාණු පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස දීර්ඝකාලීන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 6ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබේ.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 2ක් ලබාදීමට අදාල චෙක්පත මෙහිදී ජනාධිපතිවරයා  ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත බාර දුන්නේය.