ජනපති ලේකම්ට රන්ජන්ගෙන් ලිපියක්


සුජිත් හේවාජුලිගේ 
 
අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මුදල් ගත්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සෙසු 118 දෙනාගේ නම් ලැයිස්තු දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ලේකම්වරයාට අද (28) ලිපියක් යැවු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

 
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තමා මේ ඉල්ලීම් කළ බවද නියෝජ්‍ය ඇමතිවරයා කීය.
 
රාමනායක මහතා මේ බව පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඒ මහතාගේ නිල නිවසේදී අද (28) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
 
රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.
 
අද එළියට ඇවිත් තියෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ සල්ලි ගත්තු දෙදෙනකු ගැන විතරයි.සල්ලි ගත්තු තවත් 118ක් ඉන්නවා කියලා සඳහන් වෙනවා ඒ අයගේ තොරතුරු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලන්න කියලා ජනාධිපතිතුමා මට කිව්වා. මම ඒ  විස්තර ඉල්ලලා අද ඒ ලියුම යැව්වා.
 
මෙතනදී දෙදෙනකුට විතරක් චෝදනා කිරීම වැරදි.ඔහුගේ බුද්ධි අංශය කියන විදිහට ඇලෝසියස්ලාගේ මුදල් ගත්තු පිරිස් ඇමතිවරුන් ,  මන්ත්‍රීවරුන් , මාධ්‍යවේදීන් , භික්ෂූන් වහන්සේලා, මුස්ලිම් පුජකවරුන් සහ ජ්‍යෙතීර්වේදීන් ඇතුළු විවිධ තාරාතිරම්වල අය ඉන්නවා. ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන්.