තරිඳු ජයවර්ධන
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් හෙට ෆේස්බුක් සමාගමේ ඉන්දියානු නියෝජිතයන් පිරිසක් හමුවීමට නිමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
ෆේස්බුක් සමාජ ජාලයේ වෛරී ප්‍රකාශ ඉවත් කර ඒ වෙත ප්‍රවේශවීමේ පහසුකම් ලබා දීමට හෙට සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ.
සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව වෛරී ප්‍රකාශ මුවාවෙන් ආණ්ඩු විරෝධී ප්‍රකාශ අත්හිටුවීමට සැරසෙන බවයි. ඊට හේතු ලෙස සදහන් කරන්නේ වෛරී ප්‍රකාශ මොනවාද යන්න නිර්වචනය කර නැති බැවිනි.
ජනපති ලේකම් කාර්යාල ප්‍රධානීහු හෙට ෆේස්බුක් නියෝජිතයන් හමුවෙති
Recommended Articles