යළිත් මේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක කර ස්වයංපෝෂිත රටක් ලෙස නැගී සිටීම සඳහා රජය විසින් ක්‍රියාවට නංවා ඇති ගොවි ජනතාව සවිබල ගැන්වීම , දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල, මත් ද්‍රව්‍ය නිවාරණය සහ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන පිළිබදව දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරිමේ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
ජනතාව ජනවාරි 8 වනදා ලද ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් කිරීමට රජය ක්‍රියාත්මක කර ඇති ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියළු දෙනාම සාමූහිකව ක්‍රියාත්මක විය යුතු බව ජනපතිවරයා මෙහිදී දිසාපතිවරුන් හමුවේ අවධාරණය කළේය.


