(අජන්ත කුමාර අගලකඩ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සිට)
ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (24) පෙරවරුවේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවැත්වෙන වැඩසටහන් රාශියකට සහභාගිවීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාගේ විශේෂ නිල අාරාධනයකට අනුව, අද(23) පස්වරුවේ දිවයිනෙන් පිටත්වන ජනාධිපති සිරිසේන මහතා හෙට පෙරවරුෙව් ඔස්ට්‍රේලියාවට ළඟාවනු අැත.
ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට ළඟාවන ජනාධිපතිවරයා මුලින්ම එරට ජාතික රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඒක්වන අතර සිය රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් එහිදී පැළයක්ද රෝපණය කරනු අැත.
අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කර්මාන්ත පර්යේෂණ අායතනයේ හා ජාතික සූර්ය බලශක්ති බලාගාරයේ නිරීක්ෂණයකට ද ජනාධිපති සහභාගි වේ.
කැන්බරා නුවර පිහිටි එකම පන්සල වන කම්බාසිටි බෞද්ධ විහාරස්ථානය වැඳපුදා ගැනීමට ඒක්වන ජනාධිපති සිරිසේන මහතා ඉන් අනතුරුව කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලෙය්දී කැන්බරා නගරෙය් වෙසෙන ශ්‍රී ලාංකික හමුවකටද එක්වනු අැත.
තෙදිනක කාලයක් ඔස්ට්‍රේලියාවේ ගතකරන ජනාධිපතිවරයා එරට අගමැති අැතුළු නියෝජිතයින් හමුවීමටද නියමිතය.

