ජනපති මැති සබයට එයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තු සභා ගර්භයට  අද (04)  පෙරවරුවේ  පැමිණියේය.

ඔහු සභා ගැබට පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක,මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් සිටි අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා සභා ගැබට පැමිණෙද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අසුන් වලින් නැගිට උණුසුම් අයුරින් පිළිගන්නා අන්දම දක්නට ලැබිණ.